ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අතරින් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් ඇත.
පසුගිය පැය 24 තුළ දී එම ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ලැබී තිබීම හේතුවෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලාබැසීමේ සහ පස් කණඩි කඩාවැටීම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත යාමට සූදානමින් පසුවන ලෙස එම ප්‍රදේශයේ ජනතාවට දැනුම් දීමක් සිදු කරනවා.
මෙම ප්‍රදේශ හැරුණු කොට පහත ප්‍රදේශ වලට කහ වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව, ඇල්පිටිය
හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, වලල්ලාවිට
කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල
මාතර දිස්ත්‍රික්කය – මුලටියන, අතුරළිය
රත්නපුර දිස්ත්‍රික්කය – කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත, නිවිතිගල, පැල්මඩුල්ල

