පවතින අධික වැසි තත්ත්වයත් සමග අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවදානම් මට්ටමක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ .

