වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් පත් කරයි

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කර තිබෙනවා.

දැනට ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරන බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය නිම කර නැවත පැමිණෙන තෙක් එම ධුරයේ වැඩ බැලීම සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත.