පැහැර හැර ඇති බදු වසර 03 ක් ඇතුළත පියවීමට පියවර නොගන්නේ නම් එම බදුකරුවන්ගේ දේපල පවරා ගැනීමට පියවර ගන්නා ලෙස ක්‍රම සහ විධි පිලිබඳ කාරක සභාව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ වන විට ගෙවීම් පහර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් කෝටි 84,000 කට අධික වුව ද ඉන් එකතු කර ගත හැකි මට්ටමේ පවතින්නේ රුපියල් කොටි 17,500 ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බදු ගෙවීම සහ ගෙවීම් පහර හැරීම වැලැක්වීම සඳහා දේශීය ආදායම් පනතේ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධ ගැටළු, RAMIS පද්ධතියේ තාක්ෂණික ගැටළු, සහ නිලධාරීන්ගේ අක්‍රමිකතා සහ අඩුපාඩු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත අවශ්‍ය විසඳුම් ලබා දෙන ලෙස යි කාරක සභාව දන්වා තිබෙන්නේ.

