බුත්තල භූ කම්පනයක්

ඊයේ රාත්‍රී 11.20ට පමණ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදු වී තිබෙන බව වාර්තා වෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් යුතු වූ බවයි.

පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.