මාලදිවයිනට යන ශ්‍රී ලංකා බිත්තර

මාසිකව ශ්‍රී ලංකාව විසින් බිත්තර මිලියන 5.1 ක් පමණ මාලදිවයිනට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එසේම ලබන වසර වන විට තවත් රටවල් හතරකට බිත්තර අපනයනය කිරීම සදහා වූ සාකච්ජා සිදු කරමින් පවතින බවයි ඔහු අවධාරණය කරන්නේ.

ලබන ජනවාරි මස සිට ශ්‍රී ලංකාව තුළ බිත්තර මිල ගණන් ද පහළ යනු ඇති බවත්, ඉන්දියාවෙන් බිත්තර ආනයනය ලබන දෙසැම්බර් පසු වන විට නතර කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.