නිපා වෛරසය ගැන නිරන්තර අවධානයෙන් – ඇමැති කෙහෙළිය

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ව්‍යාප්තව යන නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නිපා වෛරසය රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ නිපා වෛරස ආසාදිතයින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.