රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් අද රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා.
රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ක්ෂේත්රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව යි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ.

