පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අඩංගු රහස්‍ය සටහන් ඇතුළත් ලිපි ලේඛන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පමණක් ම භාවිත කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා නැවත වතාවක් අවධාරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරයට අදාළව සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමටත් රහසිගත සාක්ෂි සටහන් ඇතුළත් තොරතුරු මහ ජනතාව වෙත විවෘත කිරීමටත් නොහැකිවීම හේතුවෙනි.

