ඉන්දියානු රජය විසින් කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා ලබා දීම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ කැනඩාව විසින් සීක් බෙදුම්වාදී ක්‍රියාකාරිකයෙකු එම රටේ දී ඝාතනය කිරීම පිටුපස නව දිල්ලිය ඇති බවට චෝදනා කිරීමෙන් පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් උත්සන්න වීමත් සමඟය.
ඒ අනුව 2023 සැප්තැම්බර් 21 වන දා සිට නැවත දැනුම් දෙන තුරු කැනඩාවේ ඉන්දියානු වීසා ලබා දීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඒ සම්බන්ධව කටයුතු කරන BLS International සමාගම දැනුම් දී තිබෙන්නේ.
එසේම දැනට කැනඩාවේ වාසය කරන හෝ සංචාරය සඳහා ගොස් ඇති ඉන්දියානුවන්ට ද කල්පනාකාරී ලෙස කටයුතු කරන මෙන් ඉන්දියානු රජය දැනුම් දී තිබෙනවා.

