පසුගිය අගෝස්තු මාසයේ දී මෙරට උද්ධමනය තවත් අඩු වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ජූලි මාසයේ 4.6% ක් ලෙස සටහන් වුණු උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.1% ක් දක්වා පහත වැටි තිබෙනවා.
එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනය -2.5% සිට -5.4%ක් දක්වා අඩු වී තිබෙනවා.

