මැතිවරණ නාමයෝජනා අවලංගු කිරීමේ එකඟතාවයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාර දී ඇති නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති අතර එම අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.