පොහොර මිල දී ගැනීම සඳහා වූ මුදල් ගොවි ගිණුම්වලට

මෙවර මහ කන්නය සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා එම මුදල් ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ වන විට බණ්ඩි පොහොර හා යුරියා පොහොර අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මඟින් ලබාදෙන අතර එම මිලටම යුරියා ලබාදීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර තිබෙනවා.