iOS 17 එළි දැක්වෙයි

පසුගිය 18 වන දා සිට Apple සමාගම විසින් සිය නවතම software version එක වන iOS 17 හඳුන්වා දී තිබෙන අතර Apple පරිශීලකයන්ට එය සිය නවතම Apple devices සඳහා නොමිලේ download කර ගැනීමේ පහසුව ද ලබා දී තිබෙනවා.

Device හි ඇති සන්නිවේදනය සඳහා භාවිතා කරන apps (communication apps) වල විශාල වෙනස්කම් කිහිපයක් මේ හරහා සිදු කර ඇති අතර ඒ තුලින් වඩාත් පහසුවක් සහ අලුත් අත්දැකීමක් පරිශීලකයාට හිමි වන බවයි Apple පවසන්නේ.

එසේම අලුත් ආකාරයේ charging වෙනසක් ද, AirDrop හරහා share කිරීම වඩාත් පහසු කිරීමක් ද, type කිරීමේ වේගය සහ නිරවද්‍යතාව වැඩි කිරීමක් ද මෙම update එක හරහා සිදු කර තිබෙනවා.

photos, Memoji, මෙන්ම විවිධ ආකාරයේ fonts සහ වර්ණ භාවිතා කරමින් calling poster තමන්ට කැමති පරිදි සාදා ගැනීමට මේ හරහා අවස්ථාව දී ඇත.

එසේම Live Voicemail පහසුකමක් ද ලබා දී ඇති අතර ඒ මඟින් කෙනෙක් පණිවිඩයක් යවන අතරතුරම අදාළ ග්‍රාහකයාට එම එන පණිවිඩය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Spam ලෙස හඳුනා ගෙන ඇති දුරකථන අංක ස්වයංක්‍රිය ලෙස විසන්ධි වීමටත්, unknown phone numbes වලින් ඇමතුම් එන විට auto silent වන ලෙස සැකසීමට ත් මේ නව update හරහා පහසුකම ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් විචාරකයන් පවසන්නේ මෙහි notification sound පෙරට වඩා අඩු වී ඇති බවත්, එය පෙර ප්‍රමාණයටම වැඩි කිරීමට නොහැකි බවත් ය.

Facetime ද අලුත් වී ඇති අතර audio හෝ video පණිවිඩ යැවීමේ පහසුකම ද ඒ හරහා ලබා දී තිබෙනවා. එසේම hearts, balloons, fireworks, and laser beams වැනි reactions හස්ත සංඥා මඟින් පහසුවෙන් යැවිය හැකි වන ලෙස සකසා තිබීම විශේෂත්වයක්.

Charge වන විට දුරකථන තිරයේ විවිධ තොරතුරු අන්තර්ගත කරමින් සකස් කරන ලද full screen අත්දැකීමක් ලෙස StandBy හඳුන්වා දී තිබෙනවා. එම තිරය clocks, widjets, photos ආදිය තමන්ට අභිමත පරිදි එක් කරමින් සකසා ගත හැක.

එසේම ඒ හරහා දුරකථන ඇමතුම්, පණිවිඩ, සහ අනෙකුත් notifications ද පෙන්වනු ලබනවා.

මිට අමතරව තවත් අලුත් වීම් රාශියක් මෙහි දී දක්නට ලැබෙන අතර මෙම update එක iPhone XS සිට ඉදිරියට වූ සියලු iPhone සඳහා ලබා ගත හැකි වෙනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු apple.com වෙතින් ලබා ගත හැක.