සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විශ්‍රාම ගැනීමෙන් පසුවද සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් හට මෙතෙක් කිසිදු දීමනාවක් හෝ වැටුපක් ලබා දී නොමැති බව එම වෛද්‍යවරුන් චෝදනා කරනවා.
මේ වසරේ විශ්‍රාම යෑමට නියමිතව සිටි විශේෂඥ වෛද්‍යවරු 60 දෙනෙකුගෙන් 53 දෙනෙකු විශ්‍රාම ගොස් ඇති අතර 07 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි නැවත සේවයට වාර්තා කර තිබෙනවා.
උපදේශන රුධිර පාරවිලයන විශේෂඥයින් දෙදෙනෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, උපදේශන වෛද්‍යවරයෙක්, ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක් සහ නිර්වින්දන වෛද්‍යවරයෙක් මෙලෙස යළි සේවයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් මේ දක්වා ඔවුන් කිසිවෙක්ට පොරොන්දු වූ පරිදි වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන නොතිබීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති බවයි සඳහන් කරන්නේ.

