දිනකට ඩෙංගු රෝගීන් 100 ක්

පවතින වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් දිනකට ඩෙංගු රෝගීන් 100 ක් පමණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙම මස අවසන් සතිය වන විට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි,

එමෙන්ම මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.