අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එම සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වීම සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් සේවා එකී ගැසට් නිවේදනය හරහා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.
i. විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
ii. ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
iii. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම ආකාරයක සේවා, වැඩ හෝ ශ්‍රමය

