ජනවරමක් නැති සක්විතිකමත් සජිත්ට එපා වෙයි

සක්විති රජකම දුන්න ද තමන් ජනවරමකින් තොර ව තනතුරු බාර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

ප්‍රතිපත්ති කඩ කර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනිමට තමා සුදානම් නොමැති බව යි විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙන්නේ.

පොහොට්ටුවේ 134 දෙනෙකුගේ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා, ⁣පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේ වන විට පාස්කු ප්‍රහාරයේ සත්‍ය පවා සඟවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කරනවා.

මෙසේ සත්‍ය සැඟවීම තුළ ජාතික ආරක්ෂාව අනතුරට පත් වන බව යි පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.