මත්ද්‍රව්‍ය මැඩලන්න මහජන අදහස් විමසීමක්

රට තුළ වේගයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සිය අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව legis_com@parliament.lk යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලබන ඔක්තෝම්බර් මස 12 වන දා ට පෙර මහජන අදහස් යොමු කළ හැකි වෙනවා.

කථානායකවරයා විසින් මත් උවදුර තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂ කාරක සභාව විසින් මෙම අදහස් කැඳවීම සිදු කරනු ලබනවා.