දිවයින පුරා ළමා මන්දපෝෂණ තත්ත්වය ඉහළ යයි

2023 වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය දන්වනවා.

ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමී ව සිදු කළ සමීක්ෂණයකට අනුව ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙනි.

වයසට නියමිත බර නොමැති හෙවත් අඩු බර සහිත දරුවන් ගේ ද පෙර වසරට සාපේක්ෂව 15.3% සිට 17% දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම ගර්භිණී මව්වරුන් අතර ද පෙර වසරට සාපේක්ෂ ව බර අඩු මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, ගර්භිණී මව්වරුන් අතර රක්ත හීනතා තත්ත්වයේ ද ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි සඳහන් වෙන්නේ.

පෙර වසරේ 14.5%ක මට්ටමක පැවති අඩු බර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ 15%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමීක්ෂණය පෙන්වා දෙන්නේ.
‍
එසේම දරුවන් අතර පවතින මිටි බව ද පෙරට වඩා මේ වසරේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල පාහේ ඉහළ ගොස් තිබෙනවා.