ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන මහා තරඟයට

ලබන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිත 2023 ආසියානු කුසලාන අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ ඊයේ දිනයේ පකිස්තානයත් සමඟ පැවති තරඟයෙන් දී පකිස්තාන කණ්ඩායම කඬුලු 2 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීමත් සමඟ ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 42ක් අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූ ලකුණු සංඛ්‍යාව 252 කි.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව පන්දුවාර 42කදී ලකුණු 252ක් දක්වා අඩු කෙරුණි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත් විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 87ක් තුළ හයේ පහරක් සහ හතරේ පහර 8ක් ලබා ගනිමින් ලකුණු 91 ක් රැස් කළේ ය.