ලිබියාවේ මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබුණා – UN

ලිබියාවේ ගංවතුර හේතුවෙන් සිදු වූ මරණ වලින් බහුතරයක් වළක්වා ගත හැකිව තිබූ බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනය කරනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී ‘පෙටේරි තාලස්’ පෙන්වා දෙන්නේ ලිබියානු රජය සහ ඒ අදාළ අංශ විසින් නිසි වෙලාවට පූර්ව අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කරන ලද්දේ නම් බොහොමයකට බේරීමට හැකි වන බවයි.

එසේම ආපදා කළමනාකරණ ඒකකයන් කඩිනමින් ක්‍රියාත්මක වූයේ නම්, පීඩාවට පත් වූ පිරිස් මුදාගැනීමේ හැකියාව ද පැවති බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් 18,000 ත් 20,000 ත් අතර පිරිසක් මිය ගොස් ඇති බව නැගෙනහිර Derna නගරයේ නගරාධිපති ඇස්තමේන්තු කර ඇති බවයි BBC වාර්තා කරන්නේ.

මේ වන විට මිනිසුන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් අවම වශයෙන් 10,000 ක් අතුරුදහන් වී ඇති බවයි ගණනය කර ඇත්තේ.