අද රාත්‍රියේ ඇතැම් ප්‍රදේශ වලට තද වැසි

ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි අද පස්වරු 4 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද රාත්‍රියේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකි වෙනවා.

හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එහි සඳහන් වෙනවා.

තවද ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ද හෙට දිනයේ බලාපොරොත්තු විය හැක.