විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

2022/2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එහි account එකක් සදා ගෙන register වී අයදුම්පත් යොමු කළ හැකි වෙනවා.

මේ සඳහා වූ උපදෙස් මීට පෙර නිකුත් කරන ලද විශ්වවිද්‍යාල අත්පොතෙහි (campus book) හි සඳහන් වී ඇති අතර එහි දක්වා ඇති පියවර වලට අනුව අයදුම්කරුවන් විසින් සිය අයදුම්පත යොමු කළ යුතු වනවා.

අයදුම්පත් යොමු කළ හැකි අවසාන දිනය වන්නේ 2023 ඔක්තෝම්බර් මස 5 වන දා යි.

නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000 ක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

අයැදුම්පත් භාර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම Z ලකුණු මාස දෙකකින් පමණ නිකුත් කිරීමට නියමිත බවයි විශ්වවිද්‍යාල කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.