ලිබියාවේ Derna නගරයට ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 5,300 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.
එහි ප්‍රාදේශීය අමාත්‍යවරයෙකු වන Hisham Chkiouat ප්‍රකාශ කර තිබෙන්නේ මුහුදු රළ හරහා මළ සිරුරු නිරන්තරයෙන් වෙරළට පාවී එන බවයි.
ලිබියානු වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා වන මොහොමඩ් අල්-ගූෂ් පවසන්නේ මෙම සිරුරු ගොඩගැනීමට උපකාර කළ හැකි අධිකරණ වෛද්‍ය සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වල හදිසි අවශ්‍යතාවයක් මේ වන විට මතුව ඇති බවයි.
ගංවතුර හේතුවෙන් මෙම වෙරළබඩ නගරයේ වේලි දෙකක් කැඩී ගොස් නිවාස විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති අතර විදී සියල්ල මඩ සහ සුන්බුන් වලින් වැසී පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම මෙම ප්‍රදේශයේ සියලුම පාලම් කඩා වැටීමෙන් පසු එහි නැගෙනහිර සහ බටහිර කොටස් සම්බන්ධ කිරීම සඳහා නගරයට ජංගම පාලම් ද අවශ්‍ය කරන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

