තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන Apple විසින් බොහෝ දෙනා බලා සිටි iPhone 15 දුරකථන මාලාව (iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, සහ iPhone 15 Pro Max) මෙන්ම Apple Watch Series 9 සහ Watch Ultra 2 ද ඊයේ පැවති “Wonderlust” – Apple Event 2023 උත්සවයේ දී එළිදක්වා තිබෙනවා.
iPhone 15 & iPhone 15 Plus
iPhone 15 හි ද ඔවුන් මීට පෙර iPhone 14 හරහා හඳුන්වා දුන් dynamic island feature ඇතුළත් කර තිබෙන අතර USB-C ආකාරයේ කේබලයක් භාවිතා කර charge කිරීම iPhone 15 හි දැකිය හැකි සුවිශේෂී වෙනස්කමක් වනවා.
ඇමරිකානු තාක්ෂණික වෙබ් අඩවියක් වන The Verge සඳහන් කරන්නේ මෙම නවතම iPhone මාදිලිය තුළ OLED Super Retina display එකක් ඇතුළත් වන අතර එය nits 1,600 ක දීප්තියක් සහිත Dolby Vision එකකට සහය වන බවයි.
මෙහි ප්‍රධාන කැමරාව megapixel 48 ක් දක්වා වැඩි දියුණු කර ඇති අතර megapixel 12 ක telephoto කැමරාවක් ද පවතිනවා. එසේම මේ හරහා ඡායාරූප ලබා ගන්නා විට auto portrait mode active වන බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
iPhone 15 හි තිරය අඟල් 6.1 ක් ද, iPhone 15 Plus හි තිරය අඟල් 6.7 කින් ද යුතු වන අතර මාදිලි දෙකම රෝස, කහ, කොළ, නිල් සහ කළු වර්ණවලින් මිල දී ගත හැකි වෙනවා.
Phone 15 128GB මාදිලියක් සඳහා USD 799 ක ආරම්භක මිලක් ද, iPhone 15 Plus 128GB මාදිලිය සඳහා USD 899 ක ආරම්භක මිලක් ද සටහන් කර තිබෙනවා.
Apple Watch Series 9
එසේම Apple විසින් එළි දක්වන ලද නවතම smart watch series 9 බල ගැන්වෙනු ලබන්නේ 60% කින් වේගවත් නව S9 chip මඟින් වන අතර එය 30% කින් වේගවත් කරන ලද GPU එකක් සමඟ බැඳී පවතිනවා.
එසේම මෙම WatchOS 10 විසින් නව Name Drop ලෙස විශේෂාංගයක් හඳුන්වා දී ඇති අතර එය watch එක වෙනත් පරිශීලකයෙකුට සමීප වූ විට සිය පුද්ගලික තොරතුරු බෙදා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසනු ඇති බවයි සමාගම පවසන්නේ.
එසේම double tap හරහා පරිශීලකයා තම මාපටැඟිල්ල සහ මාපටැඟිල්ල එකට තට්ටු කරන විට ඇමතුමකට පිළිතුරු දීමට, ඇමතුමක් අවසන් කිරීමට, Timer නැවැත්වීමට, සංගීතය වාදනය කිරීමට, widget හරහා scroll කිරීමට සහ alarm off කිරීමට හැකියාව ලැබෙනවා.
GPS සහිත Series 9 ඔරලෝසුවක මිල USD 399ක් වන අතර Cellular සහිත GPS එකක මිල USD 499ක් වනු ඇත.
Apple Watch Ultra 2
මෙය ද series 9 watches මෙන්ම Apple’s S9 SiP මඟින් බල ගැන්වෙන අතර එයට ට්‍රාන්සිස්ටර බිලියන 5.6 ක් සහ four-core neural engine මෙන්ම U2 ultra wideband location chip එකක් ද තිබෙනවා.
ඒ හරහා වඩාත් නිවැරදිව location දැක්වීමේ හැකියාවක් මෙම උපකරණය සතු වන අතර මෙහි nits 3,000 ක් පමණ තිබීම හේතුවෙන් Apple watch වල පවතින දීප්තිමත්ම display එක මෙය සතු වන බවයි Apple සමාගම පවසන්නේ.
මෙය low power mode හි ඇති විට එක් charge කිරීමකින් පැය 72 ක් දක්වා භාවිතා කළ හැකි වනවා.
ලබන සැප්තැම්බර් 22 සිට මෙම Ultra 2 watch USD 799 වැනි මුදලකට මිල දී ගත හැකි වෙනවා.



