දුර්ලභ වෛරස කාණ්ඩයක් වන Nipah වෛරසය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වීමත් සමඟ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඉන් එක් මරණයක් මේ මස මුල දී සිදු වී ඇති අතර අනෙක අගෝස්තු 30 වන දින ප්‍රාන්තයේ කොයිකෝඩ් දිස්ත්‍රික්කයේ සිදු වූ බව යි අදාළ බලධාරීන් පවසන්නේ.
ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනෙක් ට ද මෙම වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මේ වන විට ඔවුන් රෝහල් ගත කර තිබෙනවා.
මෙය 2018 වසරෙන් පසු කේරළයේ පැතිර යන සිව්වන Nipah වෛරසය ව්‍යාප්තිය වනවා.
වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා අද දිනයේ කේරළයේ සමහර පාසල් වසා තැබුණු අතර පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටුවීමටත් බලධාරීන් තීරණය කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව Nipah වෛරස් ආසාදනය ඌරන් සහ පළතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරසයක් වනවා.
එසේම එය දූෂිත ආහාර හරහා සහ ආසාදිත පුද්ගලයෙකු සමඟ ස්පර්ශයෙන් ද සම්ප්‍රේෂණය විය හැකි වනවා.

