2024 සිට ඉන්ධන මිලේ දෛනික සංශෝධනයක්

2024 වසරේ සිට ඉන්ධන මිල දෛනිකව වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.

සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවක දී මේ බව දැනුම් දී ඇති බවයි.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිඝනකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීම යානාදී ඉන්ධන බෙදාහැරීම ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු මෙහි දී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.