චැනල් 4 වීඩියෝවේ සඳහන් පිරිස අත්අඩංගුවට ගන්න – සම්බන්ධන්

චැනල් 4 නාලිකාව මඟින් පසුගිය දා විකාශනය කල වාර්තාමය වීඩියෝවේ චෝදනා එල්ල කර ඇති සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඔවුන්ට එරෙහිව පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ එවැනි පරීක්ෂණයකින් හා අත්අඩංගුවට ගැනීමකින් තොරව ප්‍රහාරය හේතුවෙන් අගතියට පත් වූ ජනතාවට කිසිදු සාධාරණයක් ඉටු නොවන බවයි.

එසේම මේ පරීක්ෂණය ජාත්‍යන්තරයේ මැදිහත් වීමක් මත සිදු විය යුතු බවත්, ඒ සඳහා අදාළ රුපවාහිනී නාලිකාවෙන් මේ සම්බන්ධව තවත් අවශ්‍ය විස්තර ලබා ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.