රාජ්‍ය නිලධාරින්ගේ අකටයුතුකම් ගැන කියන්න දුරකථන අංකයක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ පැමිණිලි 1905 යන කෙටි දුරකථන අංකයට ඉදිරිපත් කළ හැකි වන අතර එයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

එසේම මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.