මඩකලපුවට ආසන්න මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවේ මඩකලපු වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ.

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානම් නොමැති බවයි සඳහන් වෙන්නේ.