පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා අනුමැතිය

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ඇරඹීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල 11 ක් පවතින අතර එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙරට රජයේ විශ්වවිද්‍යාල වල ප්‍රමිතියටම ඒ හා සමාන්තරව යන පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල නිර්මාණය වන්නේ නම් තවත් පිරිසකට වෛද්‍යවරුන් වීමේ අවස්ථාව උදා කර දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.