බංගලියන් සිංහයන් හමුවේ පරාජයට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සදීර සමරවික්‍රම සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 93ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණි..

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලබාගත් 13වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වනවා.