ලංකා විදුලිබල මණ්ඩලය විසින් නැවත වරක් විදුලි ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා ප්රකාශ කරනවා.
කෙසේවෙතත් විදුලි පාරිභෝගික සංගමය පසුගිය දා සඳහන් කර තිබුනේ ලංවිම විසින් 56% කින් විදුලි ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක් මහජන උපයෝගිතා කොමිසමෙන් සිදු කර ඇති බවයි.
එසේම සභාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය හිමිවිය යුතු බවත්, වසරකට විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ හැක්කි දෙවරක් පමණක් බවත් ය.

