වැඩිම වියදමක් ඇති අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
එමෙන්ම ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බව යි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ.

