ග්‍රාම නිලධාරීන් 4,000 ක් බඳවා ගැනීමට කඩිනම් පියවර

පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම් කඩිනම් කිරීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරනවා.

මීට අමතරව මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සොයා බැලීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළ බව අමාත්‍යවරයා පවසනවා.

එසේම රට පුරා ඇති ග්‍රාමසේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත් e-GN වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

“ස්ථාවර රටකට සාමූහික මාවත” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.