දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා ඉදිරි සති දෙක තුළ නව කොමිසමක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දේශපාලන පක්ෂවල ඇති අඩුපාඩු තමා ද පිළිගන්නා බැවින් ඒවා සකස් විය යුතු ආකාරය පිළිබඳව ඕනෑම අයෙකුට මෙම කොමිසමට අදහස් ඉදිරිපත් කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එසේම මේ සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තු වලින් ද අදහස් හා යෝජනා ලබා දිය හැකි බවත්, ඒ සඳහා උනන්දු වන ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටින බව ත් රත්නපුර සීවලී මාධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලමේන්තු සාමාජිකයන් සමඟ පවතී සාකච්ඡාවක දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

