චීනයට සහ අරාබියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී

ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව චීන‍යේ බීජින්, ෂැන්හායි සහ ග්වැන්ෂෝ  වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මාර්තු 10 වන දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇති බව වාර්තා වෙයි.