කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ පහසුකම් දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදී අදාළ රසායනාගාර පහසුකම් පැවතියේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පමණක් බවයි.කෙසේ වෙතත්, පවතින සැලකිල්ලට ගනිමින් මහනුවර ජාතික රෝහලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේද මේ වනවිට එම රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.එමෙන්ම, නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල පළාත්බද මහරෝහලට ඇතුළත් කර සිටින බිළිඳාගේ ජෛව සාම්පල පිළිබඳ වාර්තාව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.එමෙන්ම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ සහිත අවුරුද්දක් වයසැති ගැහැණු දරුවෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර තම දෙමව්පියන් සමඟ ඉතාලියේ සිටයි මෙරටට පැමිණ ඇත්තේ.
ඒ අනුව ඇයගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා කියා සිටියා.
මේ අතර, කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් සිදුවූ බ්‍රිතාන්‍යයේ පළමු මරණය වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, මිනිසාගෙන් සතුන්ට ද කොරෝනා ආසදනය වීමට ඉඩ ඇති බව තහවුරු කරමින් කොරෝනා රෝගියෙකුගේ සුරතල් සුනඛයෙකුට එම වෛරසය ආසාදනය වීමේ පුවතක් ඊයේ ප්‍රථම වරට හොංකොං වලින් වාර්තා වුණා.
එම සිද්ධියත් සමඟ හොංකොං රජය කොරෝනා ආසාදනය වූවන්ගේ සියලු සුරතල් සතුන් දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් පුද්ගලයින් 3348ක් මිය ගොස් ඇති අතර වෛරසය රෝගය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 97,886ක්.

