Barbie ලබන 12 වන දා සිට ඩිජිටල් තිරයේ

2023 වසරේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය බවට පත් වී තිබෙන Barbie චිත්‍රපටය සැප්තැම්බර් මස 12 වන දා සිට ඩිජිටල් තිරයට ද ලබා දීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

ඒ අනුව Amazon Prime, Google Play, Apple TV, Vudu හරහා Barbie චිත්‍රපටය නැරඹීමේ හැකියාව ලැබෙනවා.

මෙම platforms හරහා මුදල් ගෙවීමකින් පසුව මෙම චිත්‍රපටය නැරඹීමට හැකි අතර තවමත් එය නොමිලයේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දී නොමැත.

එසේම ඉදිරියේ දී සමහර ගුවන් සමාගම් වල ගුවන් ගමන් අතරතුර දී ත් Barbie නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Barbie චිත්‍රපටය පසුගිය ජූලි 21 වන දා තිරගත වීම ආරම්භ කළ අතර දැනට ඩොලර් බිලියන 1.383 ක ආදායමක් හිමි කර ගනිමින් 2023 වසරේ වැඩිම ආදායම් ලබා ඇති චිත්‍රපටය බවට පත් වී තිබෙනවා.