එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සම්මේලනය ලබන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
එය සැප්තැම්බර් මස 10 වන දා කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණත් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් එය කල් දැමීමට පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබුණා.
එසේම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගේ උපදෙස් පරිදි මෙම සමුළුවට පෙර ආසන 153 ක බල මණ්ඩල ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් ලේකම්වරයා දැනුම් දෙනවා.

