ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කර සිටියා.
ඒ අනුව නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කර ගත්තා.
ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට කිසිවෙකු නොදැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 17කි.
යළි තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 23කදි ලකුණු 145ක ඉලක්කයක් හිමි විය.
එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි එක් පන්දු අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 147ක් රැස් කර ගනිමින් අවසන් සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

