කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ පහළ ප්රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කරනවා.
ඊයේ දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්රදේශයකින් වාර්තා නොවීම නිසා එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස යි ඒ මහතා දැනුම් දෙන්නේ.
එසේම මෙම ගංගාවල ජල මට්ටම ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියව පවතින බව ද ඔහු අවධාරණය කරනවා.
කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් එම ප්රදේශ වල ජලාශවල ජල මට්ටමේ වර්ධනයක් සිදු වී නොමැත.

