පවතින තද වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්රික්කයට අයත් ඇහැළියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේ දී ද වර්ෂාව අපේක්ෂා කළ හැකි බැවින් නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සම්බන්ධයෙන් ජනතාවට සැලකිලිමත් වන ලෙසයි.
එසේම මේ වනවිට කුකුළේ ගඟ එක් දොරටුවක් සහ ලක්ෂපාන ජලාශයේ දොරටුවක් විවෘත කර ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම ගිං ගඟ, කළු ගඟ සහ වළවේ ගඟ පිටාර මට්ටමට පැමිණෙමින් පවතින අතර යම් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් දියනෑමට යෑම, සෙල්ලම් කිරීම ආදී අනාරක්ෂිත ක්රියාකාරකම් වලින් වළකින ලෙස ජනතවගෙන් ඉල්ලා සිටිනවා.

