යුක්රේන ආරක්ෂක ඇමති ධුරය වෙනස් වෙයි

මෙතෙක් යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ධුරය දරන ලද ඇලෙක්සි රෙස්නිකෝව් ව එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගත් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරනවා.

2022 පෙබරවාරි මාසයේ දී රුසියානු ආක්‍රමණ ආරම්භ වීමට පෙර සිටම රෙස්නිකොව් මහතා එම ධුරයේ කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් යුක්රේන හමුදාවට යුද්ධය සඳහා නව ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් සහ හමුදාව හා සමාජය අතර සබඳතා අලුත් කිරීමේ අරමුණින් මෙලෙස නව අමාත්‍යවරයෙක් පත් කළ බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙතෙක් යුක්රේනයේ රාජ්‍ය දේපල අරමුදල පවත්වාගෙන ගිය Rustem Umerov ව මෙම තනතුර සඳහා අනියුක්ත කර තිබෙනවා.

එසේම හිටපු ආරක්ෂක අමාත්‍යවරයාව එක්සත් රාජධානියේ නව යුක්රේන තානාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.