ජල විදුලි නිෂ්පාදනය ඉහළට

වර්ෂාව ලැබීමත් සමඟ ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

කෙසේවෙතත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ තවමත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි.

පසුගිය දිනවල පැවති වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 11% – 12% ක් දක්වා පහළ ගොස් තිබුණි.