අධික වර්ෂාව නිසා සුපිරි සිව් දෙනාගේ තරඟ කොළඹින් පිට

පසුගිය දින කිහිපයේ දී ම කොළඹට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් 2023 ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟ කොළඹින් පිට පැවැත්වීම සම්බන්ධව ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සලකා බලමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරනවා.

සුපිරි සිව් දෙනාගේ තරඟ හයෙන් පහක් ම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ද, අනෙක පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ ද පැවැත්වීමට යි මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ කොළඹට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගන එම තරඟ පැවැත්වීම සඳහා විකල්ප ස්ථාන ලෙස තෝරා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.