රාජ්‍ය නිලධාරීන් මසකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභා, කමිටු රැස්වීම් ආදිය සඳහා රාජ්‍ය නිලධාරීන් මසකට එක් වතාවක් පමණක් කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

එසේම එම කැඳවන දිනයේ වුවද ඒ සඳහා අගමැතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා ගේ අනුමැතිය ලබා ගත යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය නිලධාරීන් කැඳවීමේ දී අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතනවල කටයුතු බිඳ වැටි ඇති බවට ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

තවද මෙම කමිටු සහ කාරක සභාවලින් ලබා දෙන නියෝග සහ තීන්දු තීරණ පාර්ලිමේන්තුවට දැනුම් දීම ද සිදු කළ යුතු වෙනවා.