අද පස්වරු 1 සිට හෙට පෙරවරු 8.30 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ සිව්වන අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් කර තිබෙන්නේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද අපේක්ෂා කළ හැකි වන අතර එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

