යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මාධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සඳහා සහනදායි පොලි අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
දෛනිකව ඇඹරුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 25 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත ලියපදින්චිකරන ලද ව්‍යාපාරයක් හිමි වී මෝල් හිමියන්ට මෙම ණය මුදල ලබා ගත හැකි වෙනවා.
එය මෙම සැප්තැම්බර් 01 දා සිට ලබන නොවැම්බර් 30 වන දා දක්වා ක්‍රියාත්මක වන අතර එක් එක් වී මෝල් හිමියෙකු සඳහා 16% ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව ණය ලබා ගත හැකි වෙනවා.
ඉන් 12% ක පොලි අනුපාතිකයක් වී මෝල් හිමියන් විසින් දැරිය යුතු අතර ඉතිරි 4% පොලී සහනාධාරයක් වෙනවා.

